Saturday, April 14, 2012

ඉතිහාසයට ඇතුලත් නොවූ ඉතිහාසය



ශ්‍රි ලංකාවේ ඉතිහාස තොරතුරු ඉතිහාහය ලෙසින් ලේඛණගත කර නොතිබු අතර කටවහරින් එන විවිධ සිදුවීම් සහ පුද්ගලයන් පිළිබද ජනප්‍රවාද පමණක් සමාජය තුල ඉතිහාසය ලෙසට ආරාක්ෂා වී පැවතුනි.බලි,තරු,රාවණ යුගයන් දක්වා මේවා අතීතයට දිව ගියේය.නහුත නම් රජ ගැන නොදෑන සිටියද නහුතය නමින් හෑදින්වූ එක සහ බින්දු විසිහතකින් යුතු ඉලක්කමක් දක්වා වැඩි කිරිමේ සුත්‍රයද අප දැන සිටියෙමු."ලංකා ඉතිහාසය" නැමති ග්‍රන්තය මුල්වරට 1912 දි ලිව්වෙ මෙරට සුලු කාලයක් පදිංචිව සිටි එන්ගලන්ත ජාතික සිවිල් නිලධාරියෙකු වු H.W කොඩ්රිංටන් මහතාය. වසර 1912 ට ප්‍රථම මාරි ම්යුසියස් නැමති (සුදු අම්මා) විසින් ළමුන් සදහා ලියවුනු ඉතිහාහ කතා පොත් විය.එවා ලියවුනේද 1904 වෑනි විසිවන සියවස මුල් අවධියේය.රාවණ,විජය,පණ්ඩුකාභය,දුටුගැමුණු අදි චරිතයන් වස්තු බිජයන් විය.ස්වදෙශික අප විසින් ඉතිහාසය නෑවත ලිවිමක් සිදු නොවිය..ඉංග්‍රිසි සම්ප්‍රදායට අනුව මුඛ පරම්පරාගත තොරතුරු ඉතිහාසය ලෙස නොසලකන ලදි. ඉහත සදහන් මෑතිනියගේ කතා අතුරින් රාවණ රජු හැර අන් රජවරුන් ගැන තොරතුරු ඈතුලත්ව ලියවුණු වංශ කතා මෙරට විය.මහාවංශය,දිපවංශය,දලදාවංශය,ථුපවංශය අදි කෘතින්ද මහනුවර යුගයේ ලියවුණු රජාවලිය ද පෑරණි තොරතුරු ගෙනහැර දක්වයි.වංශ කතා තුල දක්නට ලෑබෙන බෞද්ධ ආගමික ස්වරෑපය රාජාවලියහි දක්නට නොහෑක.


අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද...?

අපේ ඉතිහාසය ගැන මොනවාද දන්නෙ...?


කවුද ශ්‍රි ලංකාවේ පළවෙනි රජතුමා කියලා අපි කාගෙන් හරි ඇහුවොත් අපට ලැබෙන උත්තරය තමයි විජයරජතුමා කියලා. ඒ මහාවංශයේ තියෙන විදියනේ.
ඒ වුනාට ඇත්තටම මහා වංශය හරිද...?
මහා වංශය කියන්නෙ ලංකා ඉතිහාසය සටහන් වෙලා තියෙන ග්‍රන්ථයක්. ඒක ලියවිලා තියෙන්නෙ විජය කුමාරයා ලංකාවට ඇවිල්ලා, ලංකාවේ රාජ්‍යත්වයටත් පත්වෙලා, එතුමාගෙන් පස්සෙ  පඬුවස්දෙවු රජතුමාත්, එයාගේ මූණුපුරා පණ්ඩුකාභය රජතුමාගෙනුත් පස්සේ. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට බුදුදහම ගෙනාවටත් පස්සෙ.
ඒ නිසා මහාවංශ කතුවරයාට අනුව විජය රජතුමා ලංකාවේ පළවෙනි රජතුමා කියලා කියන කතාව මම නම් පිළිගන්නෙ නැහැ.
      මහා වංශයේ සඳහන් නොවුනාට මහාවංශ කතුවරයාට වසර සිය ගණනකට කලින් භාරතයේ ලියැවුණ කෘතින් වල ලංකාවේ සිටි රජවරුන් ගැන සඳහන් වී තිබෙනවා. හොඳම උදාහරණය තමයි වාල්මිකි විසින් රචිත රමායනයට අනුව රාම ලංකාව ආක්‍රමණය කරන විට රාවණ රජු ලංකාවේ රජ කලා කියන එක. රාවණ රජු ලංකාවේ හිටියෙ නැහැ, එය කල්පිතයක් පමණි කියලා කාටවත් නොකියන්න තරම් හේතු සාධක රාවණ රජු ගැන තියෙනවා. ලංකාවේ හිටපු කිසිම රජ කෙනෙක් හා නොබැඳුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදි ලංකාවේ තියෙනවා.
ආයුර්වේදයට සම්බන්ද කෘති රැසක කතෘවරයා රාවණ රජු බව ඉන්දියානු ආයුර්වේදය පවසනවා.
ඉතින් රාවණ රජුටත් කලින් ලංකාවේ රජවරු ඉන්න ඇතිනේ....
කැමතිද ඒ ඉතිහාසය සොයා යන්න. එසේ නම් අපි සොයා යමු ලංකාවේ සබෑ ඉතිහාසය.මෙහිදි ඉතිහාසයට ඇතුළු නොවු අපේ ඉතිහාසය කියන්නෙ විජය රජුට පෙර ලංකා ඉතිහාසය ගැන අපේ ලොකුම ඉතිහාස පොත් විදිහට
ලංකාවේ ඓතිහාසික තොරතුරු ඉතිහාසය ලෙසින් ලේඛනගත කර තිබිලා නැති වුණත් ලංකා ඉතිහාසයේ සිදුවුණා යැයි සැලෙකෙන සිදුවීම්, ලංකාවේ හිටියායි සැලෙකෙන විවධ පුද්ගලයන් ගැන තොරතුරු, ජනප්‍රවාද ලංකාවේ ඉතිහාසය ලෙස ආරක්ෂා වෙලා තියෙනවා. බලි, තරු,රාවණ කියන රජවරු දක්වා මේ ඉතිහාසය විහිදිලා තියෙනවා. ඔයාලා සමහර විට අහලත් ඇති “ලංකා ලංකා පෙම්බර ලංකා, දිනවමු ඔබ ලංකා...!“ ඒ ගීතයෙත් සදහන් වෙනවානෙ “බලි තරු රාවණ ගැමුණු විජයබා නිරිදුන් ලද ලංකා...!“ කියලා ඒ වුණත් බලි රජතුමා ගැනවත්, තරු, රාවණ රජවරුන් ගැනවත් ලංකා ඉතිහාසයේ නෑනේ. නමුත් අපේ ආච්චිලා සියාලාගෙන් මේ ඉතිහාසය ගැන ජනප්‍රවාද අපට උරුම වෙලා තියෙනවා.
ඒ වුණත් ඒ සෙල්ලිපි සටහන් වෙලා තියෙන්නෙ ඉංග්‍රිසින් විසින් බ්‍රාහමී අක්ෂර ලෙස නම් කරන ලද අක්ෂර වලින්. අශෝක අක්ෂරවලට සමාන මෙම බ්‍රාහමී අක්ෂර මිහිදු හිමියන් ලංකාවට වැඩීමත් සමග ලංකාවට උරුම වූ බව ඉංග්‍රිසි ඉතිහාසඥයන්ගේ මතයයි. ඒ නිසා රාවණ, නුහුත, කුවේර හා පනීත වැනි හෙළ රජ සමයන්හිදී ලංකාවට අක්ෂරකලාවක් උරුම වී නොතිබුණ බව ඔවුන්ගේ අදහසයි. නමුත් කකුසද බුදුන්වහන්සේගේ කාලයට අයත් සෙල්ලපි හමු වීමෙන්ම මෙම අදහස ප්‍රතික්ෂේප වෙනවා. කනගාටුවට කරුණක් වන්නෙ මෙරට ඉතිහාසඥයන් හා පුරාවිද්‍යඥයන් විසින් තවමත් මෙම මතය පිළිගැනීමයි.අපි කවුරුත් දන්න දෙයක් තමයි ලංකාව ඉස්සෙලාම එක්සේසත් කලේ දුටුගැමුණු රජතුමා කියලා. එතුමා ඒ සටන පටන් ගත්තෙ “මගේ මේ ව්‍යායාමය, හුදෙක් රජ සැප පිණිස නොව, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසාය“ යන සටන් පාඨය මුල්කරගෙනයි. ඊට හේතුව තමයි ඒ වන විට බුදුදහම සිංහලයන් සියල්ලම පාහේ තම ආගම බවට පත්කරගෙන තිබීමයි. ඒ වගේම අපිට එතැනින් වටහා ගන්න පුළුවන් තවත් දෙයක් තමයි බෞද්ධ භික්ෂුන් වහන්සේ මෙරට පාලක පන්තිය දක්වා පුළුල් වුණා කියන එක. බෞද්ධ භික්ෂුන් වහන්සේලාට ලංකාව තුල ඒ තත්වය ලැබුනේ, ඒ වන විට පාලක පක්ෂයව සිටි දේවයන්, බුදුන් ලංකාවට වැඩම කොට ධර්මය දේශනා කල අවස්ථාවේ දේව අධ්‍යාපනයේ ප්‍රධානියාව සිටි (ශක්‍ර) සුමන(සමන්) සෝවාන් වී එම කාර්්‍යන් අත්හල නිසා වෙන්න ඇති. මහා වංශයට අනුව ලංකාවේ දේව වංශය ගැන හෝ දේව අධ්‍යාපනය ගැන හෝ දේව පාලනයක් ගැන සදහනක් නැහැ.රාවණ රජුගේ පරම්පාරවද ඉතා දිගටම හදුනාගන්න පුළුවන්. රාවණගේ පියා වූ විශ්‍රවස් මුණි හා සීයා වූ පුලස්ති ඍෂිවරයාද(පොත්ගුල් විහාරය ඉදිරිපිට ඇති පිළිමය පුලස්ති ඍෂීවරයාගේ යැයි සැලකේ) පුත්‍රයා වූ ඉන්ද්‍රජිත් ද, මුණුපුරා වූ අගියද, මී මුණූපුරන් වූ තෙකදශ හා තිමීර ද තිමීරගේ පරම්පරාවේ සිට කූවේණී හා වීරබාහු දක්වාද පරම්පරාවන් රැසක් සෙල්ලිපි ඇසුරින් ගොඩනැගිය හැක. රාමයනයේ සදහන් ශෝභීලී නැමති රාවණගේ දියණියක් පිළිබදවද සෙල්ලිපි ඇසුරින් සනාථ කරන්න පුළුවන්.
බුදුන් වහන්සේ විසින් ජල යත්‍රාවක වැඩ හිදිමින් ධර්මය දේශනා කරමින් වඩින ආකරයේ චිත්‍රයක් පොළොන්නරුවේ තිවංක ගෙයි සටහන්ව තියෙනවා. මහියංගනයටම බුදුන් වහන්සේ නැවකින් වැඩම කලායැයි අපට සිතන්නත් පුළුවන්. මහාවංශයට අනුව පයාග නැමති වරායෙන් තමයි බුදුන් වහන්සේ නැව් නැගලා තියෙන්නෙ. මහියංගනය සමීපයේ ඇති ගෝතම ඇල මේ මාර්ගය වෙන්නත් ඇති. බ්‍රිතාන්‍ය යුගයේ මිනින්දොරුවන් විසින් ගෝමතී යන නම භාවිතා කරපු හින්දාම පරණ නම අභාවයට ගිහිල්ල තියෙනවා.
                       පනීත රජුගේ නම සදහන් කරමින් සෙල්ලිපි 6ක් ලංකාවේ දක්නට තියෙනවා. ඒ සෙල්ලිපි වලට අනුව සුමන(සමන්) පනීත රජුගේ අය කැමි ලෙස හිද පසුව රජුගේ භාණ්ඩාගාරීක ලෙස පත්වූ බව ඒ සෙල්ලිපි වලින් පැහැදිලි කරගන්න පුළුවන්.

උපුටා ගැනීම් :

ලංකා ‍ඉතිහාසයේ හෙළ ‍යුගය,
ආචාර්ය සූරිය ගුණසේකර;
සිව්එ‍ස්එල්එස්එල්ඒ.බ්ලොග්ස්පොට්.කොම්.
‍ලියෝ .