Tuesday, January 14, 2014

සිංහලයන් පැවැතෙන්නේ විජයගෙන් නොවේ





හෙළ වර්ගයාගේ පරම්පරා කතාව ගැන කියැවෙන වරිග පූර්ණිකාව රාමායණය සහ මහා වංසයට එහා ගිය වැදගත්කමක්, වටිනාකමක් උසුලයි. එම ග්‍රන්ථ ඉක්මවා යන තරමට ඉතිහාසගත වෙයි.වරිග පූර්ණිකාව යනු තවත් එක් සුන්දර කතා වස්තුවක් රැගත් ග්‍රන්ථයක් නොවේ. අතීත සිද්ධීන් සමුදායක් සටහන් කරනු ලැබූ කතා පොතක්ද නොවේ. එහි ඇත්තේ රාවණා පරපුර හෙවත් යක්‍ෂ ගෝත්‍රික පරපුරේ ජීවිතයයි. ජීවත්වීම සඳහා කෙනකුට ඇවැසි වනුයේ යම් දෙයක්ද එම දෙය අඩු වැඩි නැතිව වරිග පූර්ණිකාවේ සටහන්ව තිබේ. එහෙයින්ම එය යක්‍ෂ ගෝත්‍රික පරපුරේ පොදු උප්පැන්න සහතිකයද වෙයි.

ශ්‍රී ලංකාවේ ආදිවාසීන් ලෙස සලකනු ලැබුවේ යක්‍ෂ, නාග, දේව ගෝත්‍රික ජනතාවයි. මෙයින් නාග ගෝත්‍රිකයන් කැලණිය, නාගදීපයෙත්, යක්‍ෂ ගෝත්‍රිකයන් මහියංගණය, සබරගමුව ප්‍රදේශවලත් ජීවත් වූ බව සඳහන් වෙයි.හෙළයා යනු වර්තමාන සිංහලයා මිස විජයගෙන් බිහිවූ ආර්යයන් නොවන බව අපට හො¼දාකාරවම වරිග පූර්ණිකාව කියයි. ඉන්දියාවෙන් පිටුවහල් කළ විජය ලංකාවට පැමිණ කුවේණිය සමඟ එක්වීමෙන් ආර්යයන් බිහිවූ බව බොහෝ ග්‍රන්ථ සඳහන් කරතත් විජය පැමිණීමට පෙර ආර්යයන් නොවන යක්‍ෂ ගෝත්‍රික පරම්පරාවක් එදා හෙළදිවේ සිටි බවත් හෙළයන්ගේ හෙවත් සිංහලයන්ගේ ඉතිහාසය ලියූ සහ ලියන බොහෝදෙනා එම තොරතුරු හිතාමතා සඟවා ඇති බවත් මේ වන විටත් ප්‍රසිද්ධ කරුණක් වී තිබේ.

මෙරට තුළ ආදිවාසීන් ලෝකයේ වඩාත්ම දියුණු ජාතියක් වී සිටියා යැයි වරිග පූර්ණිකා ග්‍රන්ථය ආශ්‍රයෙන් කොතෙක් තොරතුරු ගෙනහැර දැක්වුවද රාවණාගේ ඉතිහාසය අතැඹුලක් සේ දන්නේ තමන් පමණකැයි සිතා සිටින මහා උගතුන් එම තොරතුරු පිළිනොගන්නේ තමන්ගේ තත්ත්වයට සහ ඉගෙනගත් දැනුමට මදිපුංචිකමක් වේ යැයි සිතන අනියත බිය නිසාය. සැබැවින්ම එය කනගාටුවට කරුණකි. නමුත් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ආර්යයන්ට වඩා හෙළදිව හෙවත් ලංකාවේ සිටි යක්‍ෂ ගෝත්‍රික පරම්පරාව උසස් ජාතියක් සහ ඉහළ දැනුමක් ඇතිව සිටියවුන් බව කීමට පැහැදිලි සාක්‍ෂි වරිග පූර්ණිකාව පෙන්නුම් කරයි.

වරිග පූර්ණිකා පුස්කොළ පුස්තකය රචනා කිරීමට යොදාගත් භාෂාව අන්කිසි භාෂාවකට සම කළ නොහැකිය. එහෙයින්ම එය ඉහළ ස්ථානයක් ගනී. මෙම භාෂාව පාලි, සංස්කෘත භාෂාවන්ට කිසිදු නෑකමක් නොදක්වයි. පසුව අප පාලි, සංස්කෘත ආභාසය ලැබුවත් එයට පෙර අප මුතුන්මිත්තන් භාවිත කළ මෙම භාෂාව වර්තමාන සිංහල භාෂාවේ මුල් භාෂාව ලෙස උපකල්පනය කිරීමට පුළුවන.

සිංහල ගැමි වහරේ ඇති බොහෝ වචන මුල් හෙළ භාෂාවෙන් බිඳගත් වචනයි. එමෙන්ම ලෝකයේ බොහෝ භාෂාවන්ගේ උපත හෙළ භාෂාව යැයි පවසන තරමටම මෙම භාෂාව ඉතාමත් පැරැණිය. මෙරට මුල්ම වැසියා වන යක්‍ෂ ගෝත්‍රිකයාගේ භාෂාව වන මෙය මුලින් හැඳින්වූයේ රවිශෛලාෂ භාෂාව ලෙසිනි.

මහින්දාගමනයට පෙර ශ්‍රී ලාංකේය ජන ජීවිතය පිළිබඳ යමක් ප්‍රකාශ කිරීමට ශ්‍රී ලාංකේය විද්වතුන් මැළිවන්නේ ඒ සම්බන්ධව ඇති මූලාශ්‍රවල අඩුකම නිසාය. ඔවුන් පිළිගන්නා පරිදි සිංහලයාගේ පෙළපත ආරම්භ වනුයේ විජයගෙනි. විජය හෙළයේ නායකත්වයට පත්වන්නේ යුදමය ක්‍රියාදාමයකින් මෙරට පාලන තන්ත්‍රය බිඳ දැමීමකින්වත්, එවකට සිටි ගෝත්‍රික ජනයාගේ සම්මුතියෙන් විජයට රාජ්‍යත්වය ප්‍රකාශ කිරීමෙන්වත් නොව එවකට පාලනයේ යෙදී සිටි නායිකාවක වූ කුවේණිය වංචනිකව රවටා විවාහ කරගැනීමෙන් අනතුරුවය.

මේ අනුව හෙළ වංස කතාවේ පටන් ගැන්මෙන්ම යක්‍ෂ ගෝත්‍රිකයන්ට හිමිවී ඇත්තේ පහත් තැනකි. ඔවුන් හඳුන්වා ඇත්තේ පහත් වැඩ කරන මායාකාරී ගෝත්‍රික කොටසක් ලෙසටය. අපගේ මානව වංස කතාව ලියූවන් කියන පරිදි යක්‍ෂ ගෝත්‍රිකයන්ට බුදුන්ගෙන් බණ අසා එය වටහා ගැනීමට තරම්වත් ශක්තියක් තිබී නැත. මේ අය වංස කතාව ලියූවන්ගේ සහ තවමත් ලියමින් ඉන්නන්ගේ පරගැති භාවයයි. නමුත් සත්‍යය එය නොවේ. විජයගේ පැමිණීමට පෙර දියුණු ජාතියක යුගයක් හෙළදිවට තිබූ බවට වන සාක්‍ෂි අද පුරාවිද්‍යාත්මකව සොයා ගැනෙමින් පවතී.

වරිග පූර්ණිකාවේ විශේෂිත කරුණ වනුයේ රාවණා පරම්පරාවෙන් පැවැත එන පරම්පරාව පිළිබඳ තොරතුරු සටහන්ව තිබීමයි. එය මූලික වශයෙන් පරම්පරා දෙකක් දක්වයි. ඒ කේවේසස්ථාන සහ රවිශෛලාෂ පරම්පරා දෙකයි.

ඉතා දියුණු සංස්කෘතියකට අයත් යක්‍ෂ ගෝත්‍රික රාජ පරම්පරාව ගැන නිවැරැදි අවබෝධයක් වරිග පූර්ණිකාව තුළින් අපට ලැබේ. ඒ අනුව වඩාත් තහවුරු වූ රාවණා රාජ පරම්පරාව වනුයේ රවිශෛලාෂ රාජ පරම්පරාවයි. රවිශෛලාෂ රාජ පරම්පරාවේ ආදිතමයා ලෙස සැලකෙනුයේ රාවණා හෙවත් යක්‍ෂ කෞරාණ මන්ඨකයි. මෙම කෞරාණ, රෞලාන ලෙසද භාවිත වනු දැකිය හැකිය. කෞරාණ (රෞලාන) කුරු යන්නට තරමක සමානතාවක් දක්නට ලැබේ. කෞරාණ යනු මෙරට සහ ලෝකයේ ව්‍යාප්තව සිටින යක්‍ෂ ගෝත්‍රික වංශිකයන්ගේ මුල් නමයි. රාවණා යන වචනයේ අර්ථය සූර්යයා යන්නයි. රකුණ යනු රාවණා යන්නට සමාන අර්ථයක් ඇති තවත් පදයකි.

වික්‍රමාන්විත භාවයෙන් පරිපූර්ණ වූ ශ්‍රී ලංකාවේ යක්‍ෂ ගෝත්‍රික වංසයේ අද්විතීය ස්ථානය හිමිකරගත් රාජ්‍ය නායකයන් ගැන වරිග පූර්ණිකාව මෙසේ සඳහන් කරයි. ඒ අනුව රාවණා රජුගේ පෙර රාජ පරම්පරාව සහ රාවණා රජුගෙන් පසු රාජ පරම්පරාවත්, රාවණා රජුගේ මුනුබුරකු වූ රවිශෛලාෂ රජුගේ පරම්පරාවෙන් ඇරැඹි වත්මන් ලේ නෑයන් දක්වා දිවයන රාජකරුණා පරම්පරාවත් පිළිබඳ වරිග පූර්ණිකාව ඉතිහාසගත සාක්‍ෂි සපයයි. මේ අතර රාවණා රජුගේ සොයුරු විභීෂණ ලංකාවේ රජකම් කළ බව පැවැසෙතත්, එම රාජ්‍ය පාලනය එක දිගට සිදුවූවක් නොවන බවත් අතරින් පතර කඩඉම් සහිතව පැවැති රාජ්‍ය පාලනයක් බවත් මෙම වරිග පූර්ණිකාවම පෙන්වා දෙයි.
වරිග පූර්ණිකාව පෙන්වා දෙන පරිදි හෙළයේ ආදිතම පාලකයා වූයේ සයිබාරි ඍෂිවරයායි. මෙම ඍෂිවරයා වූ කලී ගෝත්‍රික පරම්පරාවක නායකයායි. එම ගෝත්‍රික පරම්පරාව වූයේ යක්‍ෂ ගෝත්‍රිකයනුයි. මෙම සයිබාරි ඍෂිවරයාට පෙර සිටි පාලකයන් ගැන පැහැදිලි සඳහනක් වරිග පූර්ණිකාව නොදක්වතත් එකලට පෙරද යක්‍ෂ ගෝත්‍රිකයන් සිටි බව පෙන්වා දෙනවා.

මෙම සයිබාරි ඍෂිවරයාගෙන් පසු යක්‍ෂ ගෝත්‍රික පරම්පරාවේ නායකයා බවට පත්වූයේ ශෛහාරයි. ශෛහාර, සයිබාරි ඍෂිවරයාගේ පුතෙකි. ඉන්පසු ශෛහාරගේ පුතකු වූ මිථානත්, මිථානගේ පුතකු වූ මාලන්තිත්, මාලන්තිගේ පුතකු වූ සුමාලිත් යක්‍ෂ ගෝත්‍රික පරම්පරාවේ නායකත්වයට පත්වී ඇත. මෙම තාත්තාගෙන් පුතාට උරුම වූ පරපුරේ නායකත්වය අනුව සුමාලින්ති රජුගේ පුත්‍රයකු වූ රාවණ නායකත්වයට පත්වෙයි. මෙම රාවණා වූ කලී පෙර රජ පරපුරෙන් පැවැත ආ අසහාය පුද්ගලයෙකි. ඔහු හැඳින්වූයේ විශ්ව කීර්තිය ලද ශ්‍රී රාවණා නොහොත් යගු කෞරාණ මන්ඨක ලෙසිනුයි. රාවණා රජුගේ පුත්‍රයා වුණේත් උපේන්ද්‍රිමිණිකයි. රාවණාගෙන් පසු රජකමට පත් උපේන්ද්‍රමිණිකට පුත්‍රයන් දෙදෙනෙක් සිටියහ. ඒ රවිශෛලාෂ සහ කේවේසස්ථාන රජ කුමරුන් දෙදෙනායි.

උපේන්ද්‍රමිණික රජුගෙන් පසු හෙළදිව රාජ්‍ය පාලනයට පත්වූයේ මෙම රවිශෛලාෂ සහ කේවේසස්ථාන කුමරුන් දෙදෙනායි. මෙම කුමරුන් දෙදෙනාගේ රාජ පරම්පරාවන් දෙක පිළිබඳ වරිග පූර්ණිකාව විස්තර දක්වතත් එහි වැඩි වශයෙන් දක්වා තිබෙනුයේ රවිශෛලාෂ රාජ පරම්පරාව පිළිබඳවයි. උතුරේ පාලනය ගෙන ගිය කේවේසස්ථාන රාජ වංසය ගැන දීර්ඝ සඳහනක් වරිග පූර්ණිකාව නොදක්වයි. එසේ දැක්වීමට නොහැකි වූ හේතුව ලෙස වරිග පූර්ණිකාව සටහන් කරනුයේ විජය හෙවත් ආර්යයන්ගේ පැමිණීමත් සමඟ ඇතිවූ නව ආරම්භයට මුහුණ දීගත නොහැකිවීමයි. නමුත් එයට මුහුණ දෙමින්ම රාජ පරම්පරා හතක් දක්වා කේවේසස්ථාන රාජ වංසය පවත්වාගෙන යෑමට එම පරපුර සමත් වූ බව වරිග පූර්ණිකාව කියයි.

වරිග පූර්ණිකාව දක්වන එම රාජ පරම්පරා හත නම්, කේවේසස්ථාන රජු, සොලිස මන්ඨක රජු, සකුදල ගිරි රජු, පජ්ජල මුණ රජු, කේසි කෙහෙලියපුර රජු, විපුලත්තාන රජු සහ සුගලිත රජු යන රජවරුන්ය.රවිශෛලාෂ රජු හෙවත් රාවණා රජුගේ මුනුබුරා හරහා පැවැත ආ රවිශෛලාෂ රජුගේ දාරක පරම්පරාව වරිග පූර්ණිකාවට අනුව මෙසේ වෙයි.

කභාගිරි රජු, දෙවලගිරි රජු, වාරසික රජු, සේතකඨ රජු, උජුපල රජු, බැබිලගිරි රජු, මන්දාරක රජු, අතිලීක රජු, කීර්තිධීර රජු, රෞලාන රජු, මෝජගිරි සෙන්පති, උරසිකාර සෙන්පති, ඉදියර සෙන්පති, කත්තුර සෙන්පති, හෝසලමාන සෙන්පති, භද්‍රගිරික සෙන්පති.මෙම රාජ පරම්පරාව අතර සිටින කිත්තිධීර රජු බුද්ධ කාලයේ පිටිගල පාලනය කළ රජුයි. බුදුන්ගෙන් බණ අසා රහත් ඵලයට පත් කවිලාශ අග්තිපාලි මෙහෙණියගේ පියා වනුයේද කිත්තිධීර රජුයි. ගිරිදේශය පාලනය භාරව සිටි ගිරිභද්‍ර සෙන්පති කවිලාශ අග්තිපාලියගේ ස්වාමියායි.බුද්ධ කාලයට සමගාමීව පිටිගල පාලනය කළ කිත්තිධීර රජුගෙන්, ඔහුගේ වැඩිමල් පුතු උපතිස්ස කුමරු රජ බවට පත්වුණා. උපතිස්ස රජු තම රාජ්‍ය කාලය තුළ පැවිදි දිවියට (කි.ව. 409-431) පත්වූයේ බාල සොහොයුරු මහානාම රජුට රාජ්‍ය පාලනය භාර දෙමින්. මහනාම රජුගෙන් පසු වන රාජ පරම්පරාව වරිග පූර්ණිකා පුස්තකය මෙසේ දක්වයි.

මහානාම රජු, ඔහුගේ පුත් ස්වර්ණ සුබෝධි කුමාරයා, ඔහුගේ පුත් මාලිම්භ කුමාරයා, ඔහුගේ පුත් සංජීව කුමාරයා, ඔහුගේ පුත් විපුල්ලම්භ කුමාරයා, ඔහුගේ පුත් පියුමල් බණ්ඩාර කුමාරයා, ඔහුගේ පුත් සිරිනාථ බණ්ඩාර කුමාරයා, ඔහුගේ පුත් චන්ද්‍රගිරි බණ්ඩාර කුමාරයා, ඔහුගේ පුත් සත්බෙර බණ්ඩාර, දියණිය පියුමලී පාලි කුමරිය, ඇගේ පුත් සුජාත කුමාරයා, ඔහුගේ පුත් සංජය බණ්ඩාර කුමාරයා, ඔහුගේ පුත් මානා බණ්ඩාර හෙවත් මුදලිහාමි රාජකරුණා මුදියන්සේ, ඔහුගේ පුතුන් තිදෙනා කිරිබණ්ඩා, හීන් බණ්ඩා සහ ටිකිරි බණ්ඩා.


මේ වර්තමානය දක්වා දිවෙන රාවණ රාජ පරම්පරාවේ ලේ නෑ පරම්පරාවයි. අද වරිග පූර්ණිකා පුස්තකයත්, රාවණ රජුගේ ග්‍රන්ථය, මන්ත්‍රය, වෛද්‍ය ග්‍රන්ථය සහ තවත් අතිශය රහස් සමුදායක් මෙම පරපුරේ වත්මන් භාරකාරත්වය යටතේ පවතිනවා.
එම රහස් අතර ඉතාමත් මූලික දෙය වනුයේ යක්‍ෂ ගෝත්‍රික හෝඩිය සහ එහි සන්තාඥ භාෂාවේ අක්‍ෂරයි. මෙම අක්‍ෂර මාලාවේ උපත ගැන වරිග පූර්ණිකාව විස්තර මෙසේ දක්වනවා.

පුප්ඵුශීය වායු ධාරාව නිසා ස්වරාලය තුළ ඇතිවන ස්වර කම්පනයෙන් නිපදවනු ලබන නාද රටා සියුම්ව වර්ගීකරණය කොට සංකේත මඟින් ඉදිරිපත් කිරීම තුළින් යක්‍ෂ ගෝත්‍රික රවිශෛලාෂ භාෂාවේ අක්‍ෂරයන්ගේ උපත සිදුවී ඇතැයි නිගමනය කළ හැකියි. ඒ අනුව ඔවුන් නාද රටා දහයක් හඳුන්වා දී ඇත. ඒවා ජාතිස, සිලම්බි ලෙස හඳුන්වයි. බට නළාවක් පිඹ විවිධ නාද රටා උත්පාදනය කළ හැකිවාක් මෙන්ම පුප්ඵුශීය වායු ධාරාව මඟින් ස්වරාලය තුළද විවිධ නාද රටා නිපදවිය හැකියි. ජාතිස, සිලම්බි, සංකේත මඟින් පෙන්වා දෙන්නේ එබඳු නාද රටාවනුයි.
මේ යටතේ වන උප අක්‍ෂර මාලා මෙසේ හඳුන්වා දී තිබෙනවා.
* කයිමාර සිලම්බි (බන්ධ අක්‍ෂර)
* ඒකේය අක්‍ෂර බන්ධන ක්‍රමය
* විභූෂ අක්‍ෂර
* කණ්ඨු අක්‍ෂරය
* සෝල අක්‍ෂරය
* කවිලාශ අක්‍ෂරය
* කෞරවි අක්‍ෂරය
* කුම්භණී අක්‍ෂරය
* ජංග්‍රාම අක්‍ෂරයමෙම අක්‍ෂරවලට අමතරව සන්තාඥද්වන්ත්‍ර අක්‍ෂර නම් වන අක්‍ෂර විශේෂයක් ගැනද වරිග පූර්ණිකාව සඳහන් කර තිබෙනවා. එය මෙසේ පැහැදිලි කරදී ඇත.
බල පිහිටුවීමේ අක්‍ෂර වශයෙන්ද ද්වන්ත්‍ර අක්‍ෂර වශයෙන්ද මෙම අක්‍ෂර හඳුන්වනු ලැබෙනවා. යක්‍ෂ ගෝත්‍රික කාන්තාවන්ට පලඳින ආභරණවල බලය පිහිටුවීම සඳහා යොදාගන්නා විශේෂ සහ වංසයේ උදාරත්වය ප්‍රකාශ කරන සංකේත මේ නමින් හඳුන්වනවා. රවිශෛලාෂ (යක්‍ෂ ගෝත්‍රික, කවිලාශපාලී, මහාපාලි) වංසයේ කාන්තාවන් විසින් පලඳින උත්තරචක්‍ර මාලාභරණයේ පළමු පොට හෙවත් ඉන්ද්‍රවටයේ බලය පිහිටුවීම සඳහා කොටා ඇති සංකේත ද්වන්ත්‍ර අක්‍ෂර ගණයට අයත් වෙනවා.
මේ යටතේ අක්‍ෂර මෙසේ වර්ග කර තිබෙනවා.

* සන්තාඥ මුරාග්‍ර අක්‍ෂර
* සුවිධිමුත අක්‍ෂර
* කිලාම අක්‍ෂර
* කෘෂිකාල සන්තාඟු හෙවත් ගුපල අක්‍ෂර
* රකුන් සැර අක්‍ෂරය
* සිද්ධි සැර අක්‍ෂරය
* භද්‍ර පද අක්‍ෂර
මෙම භද්‍ර පද අක්‍ෂර යටතේ විශේෂිත වාක්‍යයක් මෙසේ දක්වා තිබෙනවා.
භද්‍ර පද අක්‍ෂර හා බැඳුණු අනෙකුත් ග්‍රහ ශක්තීන්.
මෙම භද්‍ර පද අක්‍ෂරවලින් පෙන්වා දෙනු ලබන්නේ හිරු, සඳු දෙදෙනාගේ කිරණ ශක්තීන් පොළොවට ආකර්ෂණය වන ආකාරයයි. හිරුගෙන් නිකුත්වන කිරණ ශක්තීන් චන්ද්‍රයා නිසා කිසියම් වෙනසකට ලක්වී කිරණ දෙකක් වශයෙන් සකස්වන බව හෙළ ඍෂිවරු පෙන්වා දෙනවා. එම කිරණ ශක්තීන් මුගලස්ස, ළා නිල් පැහැයක් ගන්නා අතර දෙවැන්න ධාලිස්ස කිරණය, කෙසරුවන් (සිංහයකුගේ ලොම්) පැහැය ගන්නවා.

මුගලස්ස කිරණය නිසා ජලය ගහකොළ පවතින අතර ධාලිස්ස කිරණය ජීවීන් සඳහා බලපානවා. මුගලස්ස කිරණය චන්ද්‍රයාගේ බලපෑම නිසා නිල් පැහැය ගන්නා අතර එය ජලය ගහකොළ සංකේතවත් කරනවා. ධාලිස්ස කිරණ සූර්යයාගේ බලපෑම නිසා කෙසරුවන් පැහැය ගන්නා අතර මෙයින් ජීවීන් සංකේතවත් කරනවා.
මෙම කිරණ ශක්තීන් දෙක ප්‍රධානව ගහකොළ ඇතුළු ජීවීන්ගේ පැවැත්ම සඳහා තවත් ග්‍රහ වස්තූන්ගෙන් බලපෑමක් තිබිය යුතු බව හෙළ ඍෂිවරුන්ගේ මතයයි. මේ අනුව ජීවලෝකයේ පැවැත්ම සඳහා ග්‍රහ මණ්ඩල සතරක් පවතී. එක ග්‍රහ මණ්ඩලයකට හිරු සඳු ඇතුළුව ග්‍රහයන් සතර දෙනකු සිටිනවා.
මේ සියල්ල පෙන්නුම් කරනුයේ විජයගේ පැමිණීමට පෙර සිටම හෙළ දිවයින යක්‍ෂ ගෝත්‍රික පිරිසක් රජ කළ බවත්, ඔවුන් ඉතා උසස් මනසක් සහිත දියුණු ගෝත්‍රික ජාතියක්ව සිටී බවත්ය. මෙම කරුණු සාක්ෂාත් කරන වරිග පූර්ණිකාව වූකලී එම ගෝත්‍රිකයන් විසින්ම ලියනු ලැබූ යක්‍ෂ ගෝත්‍රික භාෂාවේ පත්ඉරු එකතු කර ලියූ පුස්කොළ පුස්තකයක්. එහෙයින් මෙහි තොරතුරු රාමායණය හා මහාවංසය ඉක්මවා යමින් පවතිනවා.

මේ සම්බන්ධයෙන් ඉතා මනරම් උදාහරණ රැසක් දක්වාලීමට පුළුවන්. විශේෂයෙන්ම ආදී හෙළයාගේත්, මෑතකාලීන සිංහලයාගේත් කාන්තාවන් සම්බන්ධව පවත්නා චාරිත්‍ර වාරිත්‍ර සහ ගරුකිරීමේ නීති මාලාවන් අනුව විජය කුමරුගේ දූෂිත ලේ කවලම් වී උපන්නා යැයි කියන ආර්යයන්ගේ නොසණ්ඩාලගති පැවැතුම් ගැන අද අප සමාජය පැහැදිලිවම දන්නවා. එහෙත් එදා නොදියුණු ගෝත්‍රික ගල් යුගයක උපන්නා දැයි සමච්චල් කරන වත්මන් සිංහලයාගේ (විජයගේ දූෂිත ලේ කවලම් නොවූ) නොහොත් ආදි හෙළ යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ කාන්තාවන්ට ගරු කිරීමේ නීතිරීති මාලාවක් සහ කාන්තා ගරුත්වය ගැන වරිග පූර්ණිකාවේ සඳහන් මෙම කොටස බොහෝ ගැඹුරු කාරණා ගෙනහැර දක්වනවා.

මේ ඒ අතරින් එක් උදාහරණයක් පමණයි.
බලන්න. යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ විවාහ චාරිත්‍ර යටතේ අනු කාරණා කිහිපයක් මෙසේ දක්වා තිබෙනවා.
01. ලිංගාභරණ පැලැඳීමේ චාරිත්‍ර විධි
02. උදාචක්‍ර ගිවිසුම් ආභරණ චාරිත්‍රය
03. උදාචක්‍ර මාලාභරණයෙන් පිළිබිඹු වන ආත්මික සංවර ගුණාංග
04. චතුර්භ්‍යානාභරණ පාරමිතා චාරිත්‍රය
05. මනාලියන්ට ඔටුනු පැලඳවීමේ චාරිත්‍රය
06. කන්‍යා හවඩිය පැලඳවීමේ චාරිත්‍රය
07. සත්පොට මාලය
08. යසස්ථ මංගල පෝරුව
09. බඹසර යහන
10. අනඟ යහන
11. ධවන වන්දන පිරිත් පැන් අතලය.
මේවා පිළිබඳවත්, යක්‍ෂ ගෝත්‍රික රාවණා රජු පරම්පරාවේ එළියට නොආ බොහෝ තොරතුරුත් ඉදිරි ලිපිවල ඉතා ගැඹුරින් සාකච්ඡා කිරීමට, හෙළිදරව් කිරීමට අපට හැකියාව එළැඹ තිබෙනවා.

මෙම ලිපියෙන් අප පෙන්වා දීමට උත්සාහ කළේ රාවණාගෙන් පසු රාජ පරම්පරාව දිගටම රජකම් කළ බවය. ඇතැමුන් වපුරන මුසාවාද මතවාද අනුව රාවණා රජුගෙන් පසු එම පරම්පරාව වැළලී ගියේ නැත. එසේම රාවණා පරම්පරාව ශතවර්ෂ බොහෝ ගණනක් ගතවීත් වර්තමානය දක්වාම පැවැත එමින් තිබේ.
රාවණා පරම්පරාව ගැන කියැවෙන වරිගයා විසින් රචනා කරනු ලැබූ වරිග පූර්ණිකාවට අනුව රාවණා රජ පෙළපත අවසන් වී රාවණාගේ සොයුරු විභීෂණගේ රජ පෙළපතක් එක දිගට පැවැතී නැත.රාවණා නොමැරුණු බවත්, වූයේ කිසියම් සිහිමූර්ඡා වූ තත්ත්වයකට පවත්ය.
උපුටා ගන්නා ලද්දේ පෙබරවාරි 24,2013 මව්බිම මගිනි 

Sunday, April 15, 2012

පැරණියුගයේ ලෝකයේ සුපතල නාවික ගුරුකුල



         පැරණියුගයේ ලෝකයේ සුපතල නාවික ගුරුකුල 2ක් තිබිලා තියෙනවා. එකක් ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ, අනික තිබිලා තියෙන්නෙ හෙළදිව කල්‍යාණියේ. මේ විශ්වවිද්‍යාලය නැගෙනහිර හැඩ ඔය මුවදොර අසල තිබූනා යැයි සලකනවා. ඒ යුගයේ ලංකාවේ වැව් ආශ්‍රිත ශිෂ්ඨාචාරයක් තිබිලා නැහැ. නාවික ආර්ථිකය තමයි රටේ ප්‍රධාන ආර්ථික ක්‍රමය වෙලා තියෙන්නෙ. මෙම තොරතුරු දැනටත් ඇලෙක්සැන්ඩ්‍රියා කෞතුකාගාරයේ ආරක්ෂිතව තියෙනවාලු.

තිස්ස රජුගේ කාලයේ(මහා තිස්ස -විහාර මහා දේවියගේ පියා) මුහුද ගොඩගලා ඇවිත් ගොඩබිම යට වුණ බව සදහන් වෙනවා. ඒ කාලේ නම නොතිබුණාට ඒ ලංකාවට ගලපු පළමු සුනාමිය ගැන ලිඛිත සදහනයි. රජාවලියට අනුව මෙම මුහුද ගොඩගැලීමෙන් මුහුදු බඩ නගර ලක්ෂයක්, ධීවරගම් 970 මුතු ලැබෙන ගමි 470ක් ඇතුළුව ලංකා භුමියෙන් 11/12 ක් මුහුදට යට වු බව සදහන් වෙනවා. ඒ තොරතුරු වල ඇත්ත නැත්ත කෙසේ වෙතත් ඇලෙක්සැන්ඩ්‍රියානු කෞතුකාගාර තොරතුරු වලට අනුව ලංකාවේ නාවුක ශිෂ්ඨාචාරය අවසන් වී රට මැද වැව් ශීෂ්ඨාචාරය ආරම්භ වී ඇත්තෙ ඉන් පසුව බව සිතන්න පුළුවන්.
මෙම කරුණ මහා වංශයෙන්ද අපට සනාථ කර ගන්න පුළුවන්. ඒ තමයි මහා වංශය හා අනිකුත් වංශා කතා වල වැව් ගැන හා කෘෂිකර්මය ගැන සදහන් වෙන්නෙ දුටුගැමුණු රජසමයෙන් ඔබ්බට වීමයි. ඒ අනුව ලංකාවට සුනාමියක් ආපු බවත් එයින් ලංකා ආර්ථීකය මුළුමනින්ම බිද වැටුන බවත් සලකන්න පුළුවන්.

                    මෙම විනාශයෙන් මඩුකසලිය පුගියන“, “කාම්බෝජ පුගියනහා අලිපවති පුගියනනැමති මහා නැව් සමාගම් විනාශ වෙලා තියෙනවා.විසිවැනි සියවස ඇරඹීමත් සමගම, පාසල් සිසුන්ට මාරි මියුසියස් මැතිනිය හෙවත් සුදු අම්මා විසින් ලියා තිබූ ඉතිහාස කතන්දර තව දුරටත් වැඩි දියූණුකර කොඩ්රිංටන් විසින් ලංකා ඉතිහාසය නැමති පොත ලියලා තියෙනවා. ඒ සමයේ සිටි ලාංකීය ඉතිහාසඥයන් හෝ ගත්කතුවරයන් විසින් මෙයට ප්‍රතිවිරුද්ධව යමක් නොකල නිසා හෝ ඒ ඉතිහාසය පාසල් පෙළ පොත් වල හා පුවත් පත්, සගරා ආදියේ පළ වීම නිසාමද කොහොද, කොඩ්රිංටන් විසින් ලියලා තියෙන ඉතිහාසය අදටත් ලංකාවේ සබෑ ඉතිහාසය ලෙස පිළිගන්නවා.

ලංකාවේ පහල වුණ ශ්‍රේෂ්ඨතම පුරාවිද්‍යඥයා විදියට සැලැකෙන මහාචාර්ය සෙනරත් පරණවිතාරණයන් පවා හිතා මතා හෝ ඉංග්‍රිසි බලපෑම මත සෙල්ලිපි සාක්ෂි ඕනෑතරම් තිබියදීම, කොඩ්රිංටන්ගේ මතය තහවුරුකරමින්ම සෙල්ලිපි සාක්ෂි සොයාගැනීමත් නිසාම ඒය සාක්ෂිවලිනුත් සන්නද වෙලා තිබීමත් සබෑ ඉතිහාසය මතුනොවිමට හේතුවක් විදියට දක්වන්න පුළුවන්. ආරම්භයේ ලංකා විශ්වවිද්‍යාලය නොහොත් අද පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස විශයද මෙම කරණුවලින්ම සමන්විත වීම නිසාම, කොඩ්රිංටන්-පරණවිතාරණ ගුරුකුලයක් පරම්පරා දෙකක් දක්වාම පැතිරෙන්න හේතුවෙලා තියෙනවා. ඉන් බැහැරට සදහන් වන මත මේ ගුරුකුලයේ පුරාවිද්‍යඥයන් පිළිගන්නෙ නැහැ. ඒ කියන්නේ අපේ මතය පිළිනොගන්නා පුරාවිද්‍යාඥයන් වැඩියි.
කොඩ්රිංටන් විසින් ලංකා ඉතිහාසය ලිවීමෙන් වසර 12කට පමණ පසු ලංකා මව ලද ශ්‍රේෂ්ඨ පඩිරුවන්ක් වූ කුමාරතුංග මුණීදාසයන් විසින් මෙරට පැවැති බවට නිදර්ශන සහිතවම හෙළබස මතයඑළිදක්වලා තියෙනවා. ඒ වන විට ඉංග්‍රිසි පඩිවරයන් හා බෞද්ධ භික්ෂුන් විසින් පිළිගෙන රටට ඒත්තු ගන්වා තිබුනේ පාළි හා සංස්කෘත යන භාෂා වලින් සිංහල භාෂාව නිර්මාණය වී තිබුණ බවයි. (නමුත් පාළි හා සංස්කෘත භාෂා බොහෝදුරට සමාන වන්නෙ හිංදි භාෂාවටයි.) කුමාරතුංගයන් විසින් එම මතයට අභියෝග කරමින් හෙළ බස සිංහල භාෂාවේ ආරම්භය ලෙස පෙන්වා දුන්නද, පාසල් පෙළ පොත් . විශ්වවිද්‍යා හා පුවත් පත් සගරා ආදීය ඉංග්‍රීසින්ගේ මතය සනාථ කිරීම නිසාම ඒ මතය උගතුන් කීපදෙනෙකුට පමණක් සීමා වූ හෙළ හවුලටම සීමා වීම සිදුවෙලා තියෙනවා

Saturday, April 14, 2012

ඉතිහාසයට ඇතුලත් නොවූ ඉතිහාසය



ශ්‍රි ලංකාවේ ඉතිහාස තොරතුරු ඉතිහාහය ලෙසින් ලේඛණගත කර නොතිබු අතර කටවහරින් එන විවිධ සිදුවීම් සහ පුද්ගලයන් පිළිබද ජනප්‍රවාද පමණක් සමාජය තුල ඉතිහාසය ලෙසට ආරාක්ෂා වී පැවතුනි.බලි,තරු,රාවණ යුගයන් දක්වා මේවා අතීතයට දිව ගියේය.නහුත නම් රජ ගැන නොදෑන සිටියද නහුතය නමින් හෑදින්වූ එක සහ බින්දු විසිහතකින් යුතු ඉලක්කමක් දක්වා වැඩි කිරිමේ සුත්‍රයද අප දැන සිටියෙමු."ලංකා ඉතිහාසය" නැමති ග්‍රන්තය මුල්වරට 1912 දි ලිව්වෙ මෙරට සුලු කාලයක් පදිංචිව සිටි එන්ගලන්ත ජාතික සිවිල් නිලධාරියෙකු වු H.W කොඩ්රිංටන් මහතාය. වසර 1912 ට ප්‍රථම මාරි ම්යුසියස් නැමති (සුදු අම්මා) විසින් ළමුන් සදහා ලියවුනු ඉතිහාහ කතා පොත් විය.එවා ලියවුනේද 1904 වෑනි විසිවන සියවස මුල් අවධියේය.රාවණ,විජය,පණ්ඩුකාභය,දුටුගැමුණු අදි චරිතයන් වස්තු බිජයන් විය.ස්වදෙශික අප විසින් ඉතිහාසය නෑවත ලිවිමක් සිදු නොවිය..ඉංග්‍රිසි සම්ප්‍රදායට අනුව මුඛ පරම්පරාගත තොරතුරු ඉතිහාසය ලෙස නොසලකන ලදි. ඉහත සදහන් මෑතිනියගේ කතා අතුරින් රාවණ රජු හැර අන් රජවරුන් ගැන තොරතුරු ඈතුලත්ව ලියවුණු වංශ කතා මෙරට විය.මහාවංශය,දිපවංශය,දලදාවංශය,ථුපවංශය අදි කෘතින්ද මහනුවර යුගයේ ලියවුණු රජාවලිය ද පෑරණි තොරතුරු ගෙනහැර දක්වයි.වංශ කතා තුල දක්නට ලෑබෙන බෞද්ධ ආගමික ස්වරෑපය රාජාවලියහි දක්නට නොහෑක.


අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද...?

අපේ ඉතිහාසය ගැන මොනවාද දන්නෙ...?


කවුද ශ්‍රි ලංකාවේ පළවෙනි රජතුමා කියලා අපි කාගෙන් හරි ඇහුවොත් අපට ලැබෙන උත්තරය තමයි විජයරජතුමා කියලා. ඒ මහාවංශයේ තියෙන විදියනේ.
ඒ වුනාට ඇත්තටම මහා වංශය හරිද...?
මහා වංශය කියන්නෙ ලංකා ඉතිහාසය සටහන් වෙලා තියෙන ග්‍රන්ථයක්. ඒක ලියවිලා තියෙන්නෙ විජය කුමාරයා ලංකාවට ඇවිල්ලා, ලංකාවේ රාජ්‍යත්වයටත් පත්වෙලා, එතුමාගෙන් පස්සෙ  පඬුවස්දෙවු රජතුමාත්, එයාගේ මූණුපුරා පණ්ඩුකාභය රජතුමාගෙනුත් පස්සේ. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට බුදුදහම ගෙනාවටත් පස්සෙ.
ඒ නිසා මහාවංශ කතුවරයාට අනුව විජය රජතුමා ලංකාවේ පළවෙනි රජතුමා කියලා කියන කතාව මම නම් පිළිගන්නෙ නැහැ.
      මහා වංශයේ සඳහන් නොවුනාට මහාවංශ කතුවරයාට වසර සිය ගණනකට කලින් භාරතයේ ලියැවුණ කෘතින් වල ලංකාවේ සිටි රජවරුන් ගැන සඳහන් වී තිබෙනවා. හොඳම උදාහරණය තමයි වාල්මිකි විසින් රචිත රමායනයට අනුව රාම ලංකාව ආක්‍රමණය කරන විට රාවණ රජු ලංකාවේ රජ කලා කියන එක. රාවණ රජු ලංකාවේ හිටියෙ නැහැ, එය කල්පිතයක් පමණි කියලා කාටවත් නොකියන්න තරම් හේතු සාධක රාවණ රජු ගැන තියෙනවා. ලංකාවේ හිටපු කිසිම රජ කෙනෙක් හා නොබැඳුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදි ලංකාවේ තියෙනවා.
ආයුර්වේදයට සම්බන්ද කෘති රැසක කතෘවරයා රාවණ රජු බව ඉන්දියානු ආයුර්වේදය පවසනවා.
ඉතින් රාවණ රජුටත් කලින් ලංකාවේ රජවරු ඉන්න ඇතිනේ....
කැමතිද ඒ ඉතිහාසය සොයා යන්න. එසේ නම් අපි සොයා යමු ලංකාවේ සබෑ ඉතිහාසය.මෙහිදි ඉතිහාසයට ඇතුළු නොවු අපේ ඉතිහාසය කියන්නෙ විජය රජුට පෙර ලංකා ඉතිහාසය ගැන අපේ ලොකුම ඉතිහාස පොත් විදිහට
ලංකාවේ ඓතිහාසික තොරතුරු ඉතිහාසය ලෙසින් ලේඛනගත කර තිබිලා නැති වුණත් ලංකා ඉතිහාසයේ සිදුවුණා යැයි සැලෙකෙන සිදුවීම්, ලංකාවේ හිටියායි සැලෙකෙන විවධ පුද්ගලයන් ගැන තොරතුරු, ජනප්‍රවාද ලංකාවේ ඉතිහාසය ලෙස ආරක්ෂා වෙලා තියෙනවා. බලි, තරු,රාවණ කියන රජවරු දක්වා මේ ඉතිහාසය විහිදිලා තියෙනවා. ඔයාලා සමහර විට අහලත් ඇති “ලංකා ලංකා පෙම්බර ලංකා, දිනවමු ඔබ ලංකා...!“ ඒ ගීතයෙත් සදහන් වෙනවානෙ “බලි තරු රාවණ ගැමුණු විජයබා නිරිදුන් ලද ලංකා...!“ කියලා ඒ වුණත් බලි රජතුමා ගැනවත්, තරු, රාවණ රජවරුන් ගැනවත් ලංකා ඉතිහාසයේ නෑනේ. නමුත් අපේ ආච්චිලා සියාලාගෙන් මේ ඉතිහාසය ගැන ජනප්‍රවාද අපට උරුම වෙලා තියෙනවා.
ඒ වුණත් ඒ සෙල්ලිපි සටහන් වෙලා තියෙන්නෙ ඉංග්‍රිසින් විසින් බ්‍රාහමී අක්ෂර ලෙස නම් කරන ලද අක්ෂර වලින්. අශෝක අක්ෂරවලට සමාන මෙම බ්‍රාහමී අක්ෂර මිහිදු හිමියන් ලංකාවට වැඩීමත් සමග ලංකාවට උරුම වූ බව ඉංග්‍රිසි ඉතිහාසඥයන්ගේ මතයයි. ඒ නිසා රාවණ, නුහුත, කුවේර හා පනීත වැනි හෙළ රජ සමයන්හිදී ලංකාවට අක්ෂරකලාවක් උරුම වී නොතිබුණ බව ඔවුන්ගේ අදහසයි. නමුත් කකුසද බුදුන්වහන්සේගේ කාලයට අයත් සෙල්ලපි හමු වීමෙන්ම මෙම අදහස ප්‍රතික්ෂේප වෙනවා. කනගාටුවට කරුණක් වන්නෙ මෙරට ඉතිහාසඥයන් හා පුරාවිද්‍යඥයන් විසින් තවමත් මෙම මතය පිළිගැනීමයි.අපි කවුරුත් දන්න දෙයක් තමයි ලංකාව ඉස්සෙලාම එක්සේසත් කලේ දුටුගැමුණු රජතුමා කියලා. එතුමා ඒ සටන පටන් ගත්තෙ “මගේ මේ ව්‍යායාමය, හුදෙක් රජ සැප පිණිස නොව, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසාය“ යන සටන් පාඨය මුල්කරගෙනයි. ඊට හේතුව තමයි ඒ වන විට බුදුදහම සිංහලයන් සියල්ලම පාහේ තම ආගම බවට පත්කරගෙන තිබීමයි. ඒ වගේම අපිට එතැනින් වටහා ගන්න පුළුවන් තවත් දෙයක් තමයි බෞද්ධ භික්ෂුන් වහන්සේ මෙරට පාලක පන්තිය දක්වා පුළුල් වුණා කියන එක. බෞද්ධ භික්ෂුන් වහන්සේලාට ලංකාව තුල ඒ තත්වය ලැබුනේ, ඒ වන විට පාලක පක්ෂයව සිටි දේවයන්, බුදුන් ලංකාවට වැඩම කොට ධර්මය දේශනා කල අවස්ථාවේ දේව අධ්‍යාපනයේ ප්‍රධානියාව සිටි (ශක්‍ර) සුමන(සමන්) සෝවාන් වී එම කාර්්‍යන් අත්හල නිසා වෙන්න ඇති. මහා වංශයට අනුව ලංකාවේ දේව වංශය ගැන හෝ දේව අධ්‍යාපනය ගැන හෝ දේව පාලනයක් ගැන සදහනක් නැහැ.රාවණ රජුගේ පරම්පාරවද ඉතා දිගටම හදුනාගන්න පුළුවන්. රාවණගේ පියා වූ විශ්‍රවස් මුණි හා සීයා වූ පුලස්ති ඍෂිවරයාද(පොත්ගුල් විහාරය ඉදිරිපිට ඇති පිළිමය පුලස්ති ඍෂීවරයාගේ යැයි සැලකේ) පුත්‍රයා වූ ඉන්ද්‍රජිත් ද, මුණුපුරා වූ අගියද, මී මුණූපුරන් වූ තෙකදශ හා තිමීර ද තිමීරගේ පරම්පරාවේ සිට කූවේණී හා වීරබාහු දක්වාද පරම්පරාවන් රැසක් සෙල්ලිපි ඇසුරින් ගොඩනැගිය හැක. රාමයනයේ සදහන් ශෝභීලී නැමති රාවණගේ දියණියක් පිළිබදවද සෙල්ලිපි ඇසුරින් සනාථ කරන්න පුළුවන්.
බුදුන් වහන්සේ විසින් ජල යත්‍රාවක වැඩ හිදිමින් ධර්මය දේශනා කරමින් වඩින ආකරයේ චිත්‍රයක් පොළොන්නරුවේ තිවංක ගෙයි සටහන්ව තියෙනවා. මහියංගනයටම බුදුන් වහන්සේ නැවකින් වැඩම කලායැයි අපට සිතන්නත් පුළුවන්. මහාවංශයට අනුව පයාග නැමති වරායෙන් තමයි බුදුන් වහන්සේ නැව් නැගලා තියෙන්නෙ. මහියංගනය සමීපයේ ඇති ගෝතම ඇල මේ මාර්ගය වෙන්නත් ඇති. බ්‍රිතාන්‍ය යුගයේ මිනින්දොරුවන් විසින් ගෝමතී යන නම භාවිතා කරපු හින්දාම පරණ නම අභාවයට ගිහිල්ල තියෙනවා.
                       පනීත රජුගේ නම සදහන් කරමින් සෙල්ලිපි 6ක් ලංකාවේ දක්නට තියෙනවා. ඒ සෙල්ලිපි වලට අනුව සුමන(සමන්) පනීත රජුගේ අය කැමි ලෙස හිද පසුව රජුගේ භාණ්ඩාගාරීක ලෙස පත්වූ බව ඒ සෙල්ලිපි වලින් පැහැදිලි කරගන්න පුළුවන්.

උපුටා ගැනීම් :

ලංකා ‍ඉතිහාසයේ හෙළ ‍යුගය,
ආචාර්ය සූරිය ගුණසේකර;
සිව්එ‍ස්එල්එස්එල්ඒ.බ්ලොග්ස්පොට්.කොම්.
‍ලියෝ .