Sunday, April 15, 2012

පැරණියුගයේ ලෝකයේ සුපතල නාවික ගුරුකුල



         පැරණියුගයේ ලෝකයේ සුපතල නාවික ගුරුකුල 2ක් තිබිලා තියෙනවා. එකක් ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ, අනික තිබිලා තියෙන්නෙ හෙළදිව කල්‍යාණියේ. මේ විශ්වවිද්‍යාලය නැගෙනහිර හැඩ ඔය මුවදොර අසල තිබූනා යැයි සලකනවා. ඒ යුගයේ ලංකාවේ වැව් ආශ්‍රිත ශිෂ්ඨාචාරයක් තිබිලා නැහැ. නාවික ආර්ථිකය තමයි රටේ ප්‍රධාන ආර්ථික ක්‍රමය වෙලා තියෙන්නෙ. මෙම තොරතුරු දැනටත් ඇලෙක්සැන්ඩ්‍රියා කෞතුකාගාරයේ ආරක්ෂිතව තියෙනවාලු.

තිස්ස රජුගේ කාලයේ(මහා තිස්ස -විහාර මහා දේවියගේ පියා) මුහුද ගොඩගලා ඇවිත් ගොඩබිම යට වුණ බව සදහන් වෙනවා. ඒ කාලේ නම නොතිබුණාට ඒ ලංකාවට ගලපු පළමු සුනාමිය ගැන ලිඛිත සදහනයි. රජාවලියට අනුව මෙම මුහුද ගොඩගැලීමෙන් මුහුදු බඩ නගර ලක්ෂයක්, ධීවරගම් 970 මුතු ලැබෙන ගමි 470ක් ඇතුළුව ලංකා භුමියෙන් 11/12 ක් මුහුදට යට වු බව සදහන් වෙනවා. ඒ තොරතුරු වල ඇත්ත නැත්ත කෙසේ වෙතත් ඇලෙක්සැන්ඩ්‍රියානු කෞතුකාගාර තොරතුරු වලට අනුව ලංකාවේ නාවුක ශිෂ්ඨාචාරය අවසන් වී රට මැද වැව් ශීෂ්ඨාචාරය ආරම්භ වී ඇත්තෙ ඉන් පසුව බව සිතන්න පුළුවන්.
මෙම කරුණ මහා වංශයෙන්ද අපට සනාථ කර ගන්න පුළුවන්. ඒ තමයි මහා වංශය හා අනිකුත් වංශා කතා වල වැව් ගැන හා කෘෂිකර්මය ගැන සදහන් වෙන්නෙ දුටුගැමුණු රජසමයෙන් ඔබ්බට වීමයි. ඒ අනුව ලංකාවට සුනාමියක් ආපු බවත් එයින් ලංකා ආර්ථීකය මුළුමනින්ම බිද වැටුන බවත් සලකන්න පුළුවන්.

                    මෙම විනාශයෙන් මඩුකසලිය පුගියන“, “කාම්බෝජ පුගියනහා අලිපවති පුගියනනැමති මහා නැව් සමාගම් විනාශ වෙලා තියෙනවා.විසිවැනි සියවස ඇරඹීමත් සමගම, පාසල් සිසුන්ට මාරි මියුසියස් මැතිනිය හෙවත් සුදු අම්මා විසින් ලියා තිබූ ඉතිහාස කතන්දර තව දුරටත් වැඩි දියූණුකර කොඩ්රිංටන් විසින් ලංකා ඉතිහාසය නැමති පොත ලියලා තියෙනවා. ඒ සමයේ සිටි ලාංකීය ඉතිහාසඥයන් හෝ ගත්කතුවරයන් විසින් මෙයට ප්‍රතිවිරුද්ධව යමක් නොකල නිසා හෝ ඒ ඉතිහාසය පාසල් පෙළ පොත් වල හා පුවත් පත්, සගරා ආදියේ පළ වීම නිසාමද කොහොද, කොඩ්රිංටන් විසින් ලියලා තියෙන ඉතිහාසය අදටත් ලංකාවේ සබෑ ඉතිහාසය ලෙස පිළිගන්නවා.

ලංකාවේ පහල වුණ ශ්‍රේෂ්ඨතම පුරාවිද්‍යඥයා විදියට සැලැකෙන මහාචාර්ය සෙනරත් පරණවිතාරණයන් පවා හිතා මතා හෝ ඉංග්‍රිසි බලපෑම මත සෙල්ලිපි සාක්ෂි ඕනෑතරම් තිබියදීම, කොඩ්රිංටන්ගේ මතය තහවුරුකරමින්ම සෙල්ලිපි සාක්ෂි සොයාගැනීමත් නිසාම ඒය සාක්ෂිවලිනුත් සන්නද වෙලා තිබීමත් සබෑ ඉතිහාසය මතුනොවිමට හේතුවක් විදියට දක්වන්න පුළුවන්. ආරම්භයේ ලංකා විශ්වවිද්‍යාලය නොහොත් අද පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස විශයද මෙම කරණුවලින්ම සමන්විත වීම නිසාම, කොඩ්රිංටන්-පරණවිතාරණ ගුරුකුලයක් පරම්පරා දෙකක් දක්වාම පැතිරෙන්න හේතුවෙලා තියෙනවා. ඉන් බැහැරට සදහන් වන මත මේ ගුරුකුලයේ පුරාවිද්‍යඥයන් පිළිගන්නෙ නැහැ. ඒ කියන්නේ අපේ මතය පිළිනොගන්නා පුරාවිද්‍යාඥයන් වැඩියි.
කොඩ්රිංටන් විසින් ලංකා ඉතිහාසය ලිවීමෙන් වසර 12කට පමණ පසු ලංකා මව ලද ශ්‍රේෂ්ඨ පඩිරුවන්ක් වූ කුමාරතුංග මුණීදාසයන් විසින් මෙරට පැවැති බවට නිදර්ශන සහිතවම හෙළබස මතයඑළිදක්වලා තියෙනවා. ඒ වන විට ඉංග්‍රිසි පඩිවරයන් හා බෞද්ධ භික්ෂුන් විසින් පිළිගෙන රටට ඒත්තු ගන්වා තිබුනේ පාළි හා සංස්කෘත යන භාෂා වලින් සිංහල භාෂාව නිර්මාණය වී තිබුණ බවයි. (නමුත් පාළි හා සංස්කෘත භාෂා බොහෝදුරට සමාන වන්නෙ හිංදි භාෂාවටයි.) කුමාරතුංගයන් විසින් එම මතයට අභියෝග කරමින් හෙළ බස සිංහල භාෂාවේ ආරම්භය ලෙස පෙන්වා දුන්නද, පාසල් පෙළ පොත් . විශ්වවිද්‍යා හා පුවත් පත් සගරා ආදීය ඉංග්‍රීසින්ගේ මතය සනාථ කිරීම නිසාම ඒ මතය උගතුන් කීපදෙනෙකුට පමණක් සීමා වූ හෙළ හවුලටම සීමා වීම සිදුවෙලා තියෙනවා

No comments: